ව්‍යාප්තීකෘත කාංසාව නම් ආබාධය

ව්‍යාප්තීකෘත සාංකාව (විෂාදිය) නම් ආබාධය (GAD) දීර්ඝ කාලීන තත්ත්වයක් වන අතර ප්‍රතිකාර වර්ග ගණනාවක් ඒ සදහා උදව් කරගත හැකියි. ඔබට GAD වලට අමතරව ආතතිය හෝ මත්පැන් අවභාවිත වැනි ප්‍රශ්න ඇතිනම් විශේෂිතව GAD වලට ප්‍රතිකාර කිරීමට පෙර මෙම තත්වයන් ට ප්‍රතිකාර කර යුතුයි.

GAD උදෙසා මානසික චිකිත්සාවන්

ඔබට GAD ඇතැයි හදුනා ගත්තේ නම්, සාමාන්‍යයෙන් ඖෂධ නියම කිරීමට පෙර මානසික ප්‍රතිකාර ලබා ගැනීමට ඔබට උපදෙස් ලැබෙනු ඇත.

ඥානාත්මක චර්‍යා චිකිත්සාව(CBT) GAD සදහා වඩාත්ම ඵලදායී ප්‍රතිකාරයක් ලෙස ඥානාත්මක චර්‍යා චිකිත්සාව(CBT) හැදින්විය හැක. GAD සදහා ඇති විවිධ ප්‍රතිකාර වල කරන ලද අධ්‍යනයන් මගින් CBT වල ඇති ඵලදායීතාවයක් ලෙස එය අනෙකුත් ඖෂධ වලට වඩා වැඩිකල් ක්‍රියා කරන බව සොයාගෙන ඇති නමුත්, සියලු දෙනා සදහා ක්‍රියා කරන තනි ඖෂධයක් නොමැත. ඔබට සාංකාව ගෙන දෙන නිසා ඔබ සාමාන්‍යයෙන් අතපසු කල දේවල් කිරීමට ද ඔබගේ රිණාත්මක සහ සාංකාව ගෙන දෙන සිතිවිලි ප්‍රශ්න කිරීමට ද CBT ඔබට උපකාරී වේ.

ප්‍රායෝගික ඉහිල් කිරීම ප්‍රායෝගික ඉහිල් කිරීම් ප්‍රධාන වශයෙන් ඔබට සාංකාව ඇති කරන අවස්ථාවන්හිදී ඔබගේ මාංශපේෂි ලිහිල් කිරීම කෙරෙහි වැඩි අවධානයක් දක්වයි. මෙහි ක්‍රමවේදයන් පුහුණු ප්‍රතිකාරකවරුන් විසින් ඉගැන්විය යුතු අතර, සාමාන්‍යයෙන් පහත ඒවා ඇතුලත් වේ:

  • ඔබගේ මාංශපේෂීන් ලිහිල් කරන ආකාරය පිලිබඳව ඉගෙනීම
  • "ලිහිල්(රිලැක්ස්)" වැනි වචන වලට ප්‍රේරකයක් ලෙස, ඉක්මනින් ඔබගේ මාංශපේෂීන් ලිහිල් කරගන්නා ආකාරය ඉගෙනීම
  • ඔබව සාංකාවට පත් කරන අවස්ථාවන්හිදී ඔබගේ මාංශපේෂීන් ලිහිල් කර ගන්නා ආකාරය පුහුණු කිරීම

ඖෂධ

මානසික ප්‍රතිකාර ඔබට උපකාරී නොවූයේ නම් හෝ ඒවා අත්හදා බැලීමට ඔබ අකමැති නම්, ඔබට සාමාන්‍යයෙන් ඖෂධ ලබා දෙනු ඇත. GAD වලට ප්‍රතිකාර ලෙස ඔබේ වෛද්‍යතුමා විසින් නොයෙකුත් වර්ගයේ විවිධ ප්‍රතිකාර නියම කල හැකියි. සමහර ඖෂධ කෙටි කාලීන පදනම මත මෙන්ම අනෙකුත් ඒවා දීර්ඝ කාලීන භාවිතයට නියම කිරීම සදහා නිර්මාණය කර ඇත. ඔබගේ රෝග ලක්ෂණ මත, ඔබට කායික රෝග ලක්ෂණ වලට මෙන්ම මානසික රෝග ලක්ෂණ වලට ද ඖෂධ වර්ග අවශ්‍ය වේ. GAD වලට ප්‍රතිකාර ලබා ගැනීමට ඔබ සැලසුම් කරන්නේ නම්, ඔබ දීර්ඝ කාලීන ප්‍රතිකාර මාලාවක් ආරම්භ කිරීමට ප්‍රථමයෙන් විවිධ විකල්ප පිලිබඳව ඔබගේ වෛද්‍යතුමා ඔබ සමග විස්තර සාකච්ඡා කල යුතුයි, පහත ඒවාද ඇතුළුව:

  • විවිධ වර්ගයේ ඖෂධ
  • ප්‍රතිකාර ලබා ගත යුතු කාලය
  • අතුරු ආබාධ සහ වෙනත් ඖෂධ සමග ඇතිවිය හැකි අන්තර් ප්‍රතික්‍රියා

ඔබ GAD සදහා ප්‍රතිකාර ලබා ගන්නා විට ඔබගේ ප්‍රගතිය පිලිබඳව තක්සේරු කර ගැනීම සදහා නිතර ඔබගේ වෛද්‍යතුමා හමුවිය යුතුය. මෙය සාමාන්‍යයෙන් පලමු මාස 3දී සෑම සති 2 සිට 4කට වරක් මත්, පසුව සෑම මාස 3කට වරක් මත් සිදු කල හැකියි. ඔබ සිතනවා නම් ඖෂධ වලින් ඔබට අතුරු ආබාධ ඇතිවන්නේ යැයි ඒ බව ඔබේ වෛද්‍යතුමාට දැනුම් දෙන්න. එවිට ඔවුන් ඔබගේ මාත්‍රාව වෙනස් කිරීම හෝ විකල්ප ඖෂධ නියම කිරීම සිදුකල හැක. GAD වලට ප්‍රතිකාර කිරීම සදහා ඔබට නියම කල හැකි ප්‍රධාන ඖෂධ පහත විස්තර කර ඇත. සිලෙක්ටිව් සෙරෝටොනින් රීඅප්ටේක් ඉන්හිබිටර්ස්(SSRIs) බොහෝ අවස්ථාවන්හිදී ඔබට ප්‍රථම ඖෂධය ලෙස විෂාදනාශක ඖෂධ වර්ගයක් වන සිලෙක්ටිව් සෙරෝටොනින් රීඅප්ටේක් ඉන්හිබිටර්ස් (SSRIs) නම් ඖෂධය ලබා දෙනු ඇත. මෙම ඖෂධ වර්ගය ක්‍රියා කරනු ලබන්නේ ඔබගේ මොලයේ ඇති සෙරෝටොනින් නම් රසායනික වර්ගයේ මට්ටම ඉහල දැමීම මගිනි. උදාහරණය ලෙස ඔබට නියම කල හැකි SSRIs නම් පහත ඒවාද ඇතුළුව:

SSRIs දිගු කාලීන පදනම මත ගත හැකි නමුත්, සියලු විශාදනාශක ඖෂධ මෙන්, ඒවායේ ක්‍රියාකාරිත්වය ආරම්භ වීමට සති කිහිපයක් ගත විය හැක. සාමාන්‍යයෙන් ඔබ අඩු මාත්‍රාවකින් ආරම්භ කරන අතර ඔබගේ ශරීරය ඖෂධයට හුරු වීමත් සමග එක ක්‍රමයෙන් ඉහල නැංවීම සිදුකරයි. SSRIs වල සුලබ අතුරු ආබාධ පහත ඒවාද ඇතුළුව:

මෙවැනි අතුරු ආබාධ කාලයත් සමග මග හැරී යන මුත් - ලිංගික ගැටලු - වැනි සමහර ඒවා අඛණ්ඩව පැවතිය හැක. ඔබගේ ඖෂධ මාස 2 ක පමණ ප්‍රතිකාරයෙන් පසුවත් ඔබට උපකාරී නොවන්නේ නම් හෝ එමගින් අප්‍රසන්න අතුරු ආබාධ ඇති කරන්නේ නම්, ඔබගේ වෛද්‍යතුමාට විකල්ප SSRI ඖෂධයක් නියම කල හැකියි. ඔබගේ වෛද්‍යතුමා විසින් එම ඖෂධය ගැනීම නතර කල යුතු බව යෝග්‍ය බැව් තීරණය කල පසු, සාමාන්‍යයෙන් ඔබගේ මාත්‍රාව සති කිහිපයක් පුරා ක්‍රමයෙන් අඩු කිරීම මගින් එම ඖෂධය ඉවත් කිරීමෙන් ඇති වන බලපෑම් අවම කර ගත හැකියි. ඔබගේ වෛද්‍යතුමාගේ විශේෂිත උපදෙස් පිට හැර කිසිම විටෙක ඖෂධ ගැනීම නතර කිරීමෙන් වලකින්න. සෙරෝටොනින් හා නොරැඩ්‍රිනලින් රිඅප්ටේක් ඉන්හිබිටර්ස් (SNRIs) SSRIs ඔබගේ සාංකාව සමනය කිරීමට ඉවහල් නොවන්නේ නම්, සෙරෝටොනින් හා නොරැඩ්‍රිනලින් රිඅප්ටේක් ඉන්හිබිටර්ස් ( SNRI) ලෙස හදුන්වන වෙනත් වර්ගයක විශාදනාශක ඖෂධයක් ඔබට නියම කල හැක. මෙම වර්ගයේ ඖෂධ ඔබගේ මොලයේ සෙරෝටොනින් හා නොරැඩ්‍රිනලින් මට්ටම ඉහල නංවයි. උදාහරණය ලෙස ඔබට නියම කල හැකි SNRIs නම් පහත ඒවාද ඇතුළුව:

SNRIs වල සුලබ අතුරු ආබාධ පහත ඒවාද ඇතුළුව:

  • ඔක්කාරය
  • හිසරදය
  • නිදිමත ගතිය
  • ක්ලාන්ත ගතිය
  • මුඛය වියළි වීම
  • මලබද්ධය
  • ඉන්සොම්නියා ( නින්ද නොයාම)
  • දහඩිය දැමීම

ඔබගේ රුධිර පීඩනය ඉහල දැමීමට ද SNRIs වලට හැකි නිසා, ප්‍රතිකාර ලබා ගන්නා කාල සීමාවේදී නිතිපතා ඔබගේ රුධිර පීඩනය අධීක්ෂණය කරනු ලබයි. SSRIs ලෙසම ඇතැම් අතුරු ආබාධ( ඔක්කාරය, බඩේ අමරුව, නින්ද යාමේ ගැටලු සහ වික්ශිප්ත බව හෝ සාංකාව වැඩිවීම වැනි) ප්‍රතිකාර ලබා ගැනීමේ පලමු හෝ දෙවනි සතියේදී බහුල අතර, සාමාන්‍යයෙන් ඔබගේ ශරීරය ඖෂධ වලට හුරු වීමේදී අඩුවී යයි. ප්‍රෙගබලින්( pregabalin) SSRIs හා SNRIs ඔබට යෝග්‍ය නොවේ නම් ප්‍රෙගබලින් නම් ඖෂධය ඔබට ඉදිරිපත් කල හැක. මෙම ඖෂධය ඇන්ටිකන්වල්සන්ට්(anticonvulsant)ලෙස හදුන්වන අතර එය අපස්මාරය වානි රෝගී තත්ත්වයන් සදහා ප්‍රතිකාර කිරීමට භාවිතා කරන මුත්, සාංකාවට ප්‍රතිකාර කිරීමේදී ද ප්‍රයෝජනවත් ප්‍රථිඵල පෙන්වන බව සොයාගෙන ඇත. ප්‍රෙගබලින් (pregabalin)වල අතුරු ආබාධ පහත ඒවාද ඇතුළුව:

  • නිදිමත ගතිය
  • ක්ලාන්ත ගතිය
  • ආහාර රුචිය වැඩිවීම සහ බර වැඩි වීම
  • බොඳ වී පෙනීම
  • හිසරදයන්
  • මුඛය වියළි වීම
  • කරකැවිල්ල

SSRIs හෝ SNRIs වලට වඩා ප්‍රෙගබලින්(pregabalin) වලින් ඔක්කාරය හා ලිංගික ක්‍රියාකාරීත්වය අඩු කිරීමට අඩු හැකියාවක් ඇත. බෙන්සොඩයසෙපින්ස් (benzodiazepines Benzodiazepines) යනු වේදනා නාශක වර්ගයක් වන අතට සමහර අවස්ථාවන්හිදී බරපතළ සාංකාව ඇති වන කාල වල එය කෙටි කාලීන ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරයි. මෙයට හේතුව නම් එම ඖෂධය ලබා ගෙන විනාඩි 30 ත් 90 ත් ඇතුලත රෝග ලක්ෂණ සමනය කිරීමට ඉවහල් වන බැවිනි. ඔබටබෙන්සොඩයසපින් ( benzodiazepine) වර්ගයක් නියම කර ඇත්නම්, බොහෝ විට එය ඩයසිපෑම් (diazepam) වේ. සාංකාවෙහි රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීමේදී බෙන්සොඩයසපින් (benzodiazepines) ඉතා ඵලදායී වුවද එය දීර්ඝ කාලීන ප්‍රතිකාර සදහා භාවිතා කල නොහැක. මෙයට හේතුව නම් එය සති 4 කට වඩා වැඩිපුර භාවිතා කල විට එයට ඇබ්බැහි වීමට ඇති හැකියාව නිසයි. මෙම කාලයෙන් පසුව බෙන්සොඩයසපින් (benzodiazepines) වල ඵලදායී බවද අඩුවීමට පටන් ගනී. මෙම හේතූන් නිසා ඔබට සති 2 සිට 4 ට වඩා වැඩි කාලයක් ඔබට බෙන්සොඩයසපින් (benzodiazepines )සාමාන්‍යයෙන් නියම නොකරයි. බෙන්සොඩයසපින් (Benzodiazepines) වල අතුරු ආබාධ පහත ඒවාද ඇතුළුව:

  • නිදිමත ගතිය
  • සිත එකග කර ගැනීමට අපහසු වීම
  • හිසරදය
  • කරකැවිල්ල
  • ශරීරයේ කොටසක පාලනය කරගත නොහැකි කම්පනික චලනයක් හෝ වෙව්ලීමක්(ගැස්ම)
  • ලිංගික ක්‍රියාශීලි බව අඩුවීම

නිදිමත ගතිය බෙන්සොඩයසපින් (benzodiazepines) වල බහුල අතුරු ආබාධයක් හෙයින්, යාන්ත්‍රික මෙවලම් ක්‍රියා කරවීමට හෝ ඒවා පැදවීමට ඔබට ඇති හැකියාම මෙම ඖෂධ ලබා ගැනීමෙන් බලපෑමකට පත්විය හැකියි. ප්‍රතිකාර ලබා ගන්නා කාලය අතරතුර පහත ක්‍රියාකාරකම් වලින් ඔබ වැලකිය යුතුයි. බෙන්සොඩයසපින් (Benzodiazepines )ගන්නා අතරතුර ඔබ කිසිම විටෙක මත්පැන් පානය කිරීම හෝ වේදනා නාශක ඖෂධ භාවිතා නොකල යුතු අතර එසේ කිරීම අනතුරුදායක විය හැක.

විශේෂඥ වෛද්‍යතුමෙක්ගෙන් උපදෙස් ලබා ගැනීම

ඉහත ප්‍රතිකාර ලබා ගෙන තිබියදීත් ඔබ තවමත් GAD වල රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම්, මානසික සෞඛ්‍යය විශේෂඥයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම පිලිබඳව ඔබේ වෛද්‍යතුමා සමග සාකච්ඡා කර බලන්න.

විශේෂඥයන් පරාසයක් මෙම කණ්ඩායම් වලට ඇතුලත් ය, ඒවා නම්:

  • මනෝචිකිත්සකයන්
  • මනෝචිකිත්සක හෙදියන්
  • සායනික මනෝවිද්‍යාඥයින්
  • වෘත්තීය චිකිත්සකවරුන්
  • සමාජ සේවකයින්

ඔබගේ තත්ත්වය පිලිබඳව නැවත තක්සේරුවක් ඔබගේ ප්‍රාදේශීය කණ්ඩායමේ සුදුසු මානසික සෞඛ්‍ය විශේෂඥයා විසින් සිදු කරනු ඇත. ඔවුන් ඔබගේ පෙර ප්‍රතිකාරයන් සහ ඔබට ඒවා ඵලදායී වූ ආකාරය පිලිබඳව ඔවුන් ඔබෙන් ප්‍රශ්න නගනු ඇත. ඔවුන් ඔබගේ තත්ත්වයට බලපාන ඔබගේ ජීවිතය හා සම්බන්ධ දේවල් මෙන්ම, ඔබට පවුලේ අයගෙන් සහ හිතමිතුරන්ගෙන් ඔබට ලැබෙන සහයෝගය පිලිබඳව ද ප්‍රශ්න නගනු ඇත. මෙවිට ඔබගේ විශේෂඥවරයා විසින් ඔබගේ රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීම අරමුණු කරගෙන ප්‍රතිකාර සැලැස්මක් සැකසීම සිදු කරනු ඇත. මෙම සැලැස්මෙහි කොටසක් ලෙස, ඉහත සදහන් කරන ලද මානසික ප්‍රතිකාරයක් ද විය හැකි ඔබ මීට පෙර භාවිතා නොකරන ලද ප්‍රතිකාර ඉදිරිපත් විය හැක. විකල්පයක් ලෙස ඔබට මානසික ප්‍රතිකාරයක් ඖෂධයක් සමග, හෝ වෙනස් ඖෂධ වර්ග 2ක එකතුවක් ලබා දිය හැකියි.